Treatments

මෙම තත්ත්වයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

 

 

ප්‍රථිකාරය තීරණය කරන්නේ ගල පිහිටා ඇති තැන, එහි ප්‍රමාණය , වකුගඩු වල ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය, වේදනාව, ආසාධිත බව, රෝගියාගේ සෞඛ්‍යය, වෙනත් අසනීප , ශල්‍යකර්මයකට යෝග්‍යතාවය වැනි කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුවයි.
 
urology-clinic-kandy
refered pain

ප්‍රතිකාර ක්‍රම මොනවාද ?

 
1. ස්වභාවිකව පිට වීමට ඉඩ දීම
ගලේ ප්රමාණය 5mm වලට වඩා අඩු අවස්ථා වලදී මුත්‍රා වාහිනී ප්‍රසාරණය වීමට ඖෂධ ලබා දී ගල ස්වභාවිකව පිට වීමට ඉඩ සලසනවා.

 

2. ඖෂධමය ප්‍රතිකාර
ගල් දිය කිරීමේ ඖෂධ ඇති නමුත්මේවා යොදාගත හැක්කේ 10  ක් පමණ වන මුත්‍රා ගල් වර්ග වලින් යූරික් අම්ල ගල් සහ සිස්ටීන් ගල් යන වර්ග දෙකට පමණයි.

 

3. කම්පන තරංග භාවිතය
ECSW (Extra-Corporeal Shockwave Lithotripsy) ලෙස හඳුන්වන මෙම ක්‍රමයේදී වකුගඩු සහ මුත්‍රා නාලයේ ඉහල කොටසේ ඇති ගල් කම්පන තරංග මගින් 2mm වලට වඩා  කුඩා කොටස් වලට බිදීම සිදු වෙනවා. මේවා මුත්‍රා සමඟ පිට වෙනවා.



4. එන්ඩොස්කෝප් භාවිතය (Endoscopic methods)
මෙම ක්‍රමයේදී මුත්‍රා නාලය දිගේ කැමරාවක් සහිත සිහින් උපකරණයක් ඇතුලු කොට ගල ඇති ස්ථානයටම ගමන් කර ගල කොටස් වශයෙන් ඉවත් කරනවා . මෙහිදී ගල සහමුලින්ම ඉවත් වන් බව තහවුරු කල හැකියි.





5. ශල්‍ය කර්ම
වර්ථමානයේ බහුලවම සිදු කෙරෙනේ PCNL (Percutaneous nephrolithotomy)  නම් ශල්‍යකර්මයයි. පැරණි ක්‍රම වලදී තරම් විශාල කැපුමක් දැන් අවශ්‍යවනේ නැහැ. මෙය 1cm තරම් කුඩා කැපුමකින් සිදු කරන සැත්කමක්. ගල කුඩා කොටස් වලට කඩා කැබලි ඉවත් කිරීමයි මෙහිදී කරන්නේ. සැත්කම සිදු කරන්නේ වේදනා නාශක  ලබා දී පූර්ණ නිර්වින්දනය යටතේයි. රෝගියාට දින දෙකකින් පමණ රෝහලෙන් පිට විය හැකියි. එහිදී රෝගියාට වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ ලැබෙනවා. සතියකින් ඔහු සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.

 

සැත්කමින් පසු සති 4කිනුත්, ඉන් පසුමාස 3කට වරක් බැගින් වසරකුත් රෝගියාව සායනයකදී පරීක්ෂා කරනවා.
 

ප්‍රතිකාර ගැනීමේදී ඔබ විශෙෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

 

ප්‍රතිකාරය ආරම්භ කල පසු වේදනාව තරමකට සමනය වේ. නමුත් මින් ප්‍රතිකාර සම්පූර්න බව අදහස් නොවේ. එබැවින් වෛද්‍යවරයා පවසන තුරු ප්‍රතිකාරයට සහභාගී විය යුතුයි.

 

උණ සමග ඇති වන ඇග වෙව්ලීම ආසාදනයක ලක්ෂණ විය හැකියි. එබැවින් මෙවැනි අවස්ථාවකදී නොපමාව වෛද්‍ය  උපදෙස් පැතිය යුතුය.

 

සමහර අවස්ථා වලදී (විශාල ගලක් ඇති විට, මුත්‍රා වාහිනී වලට හානි වූ විට, වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වූ විට, ආසාදනයකදී), සැත්කමකින් පසුව මුත්‍රා වාහිනී තුලට සිහින් ලෝහ නාලයක් (stent) ඇතුලු කරයි. එය තාවකාලික බැවින් මාස 6කින් ඉවත් කල යුතුය. එය සිහි තබාගෙන නිසි කලදී වෛද්‍යවරයා ලවා ඉවත් කර ගත යුතුයි.

 

ප්‍රතිකාර වෙත යොමු වීමේදී ඔබට දැනට ඇති අසනීප, ඔබ ගන්නා බෙහෙත්, දැනට අත් බෙහෙත් හෝ අයුර්වේද ප්‍රතිකාර ගන්නේ නම් ඒවාත්, වෛද්‍යවරයාට නොසඟවා පැවසීම වැදගත් වේ.

 

 
ESWL_4b2f3d460d5856fff65d2e50895dde84
urology

මුත්‍රා ගල් වලින් ඇති වන සංකූලතා මොනවාද ?

 
මුත්‍රා සමග ලේ වහනය වීම, ගල්නිසා මුත්‍රා ආසාදන ඇති වීම, ප්‍රතිකාර වලින් පසුවත් ගල් ඉතිරි වීම, නැවත නැවත ගල් ඇති වීමේ අවදානම මෙම තත්වයේ සංකූලතා කිහිපයක්.

 

මූත්‍රා ගල් ඇති වීමෙන් වැලකෙන්නේ කෙසේද ?

 


1. ජලය වැඩි වශයෙන් පානය කිරීම ඉතා වැදගත් . දිනකට පානය කල යුතු ජලය පරිමාව එක් එක් පුද්ගලයා මත, කර්යශීලී බව අනුව, දේශගුනය අනුව වෙනස් වනවා. එබැවින් මූත්‍රාවල පැහැය සුදු පැහැයට හැරෙන ප්‍රමාණයට ජලය පානය කිරීම නිර්දේශ කරන්න පුලුවන්. දෙහි වැනි පානද භාවිතයට සුදුසුය.

2. ඔබගේ බර උසට සරිලන ප්‍රමාණයට අඩු කර ගැනීම.
3. පෙර සදහන් කරන ලද ඔක්සලේට් අධික ආහාර (රාබු , කැකිරි , පිපිඤා, අනෝදා සහ තේ)  අවම කිරීම.
4. දිනකට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබා ගැනීම. (කැල්සියම් වැඩි වීමත් අඩු වීමත් යන දෙකම අහිතකරයි)
5. අධික ලෙස මාංශ ගැනීමෙන් වැලකීම.
6. හදුනාගත් රෝග වලට නිසි ලෙස ප්‍රතිකාර ගැනීම.
7. වරක් රෝගය වැලදුනු කෙනෙක් නම් වෛද්‍ය  උපදෙස් අනුව නිසි කලට පූර්ව හදුනාගැනීමේ පරීක්ෂණ වලට ලක් වීම.
8. කෙටි අහාර(Fast foods), ලුණු අධික අහාර වලින් වැලකීම.
9. මධ්‍යසාර භාවිතයෙන් වලකින්න, නැතිනම් භාවිතය අවම කරන්න.
10. එලවලු සහ පලතුරු වැඩි වශයෙන් අහාරයට ගන්න.

 
loin pain

මහනුවර ජාතික රෝහලේ ජන්‍ය හා මෞත්‍රීලිංගික

විශේෂඥ්‍ය ශල්‍ය වෛද්‍ය කාංචන එදිරිසිංහ