සිස්ටස්කොපි (Cystoscopy) පරීක්ෂණය ගැන දැනගන්න 

 

Cystoscopy_procedure

මුත්‍ර රෝග ඇතිවිට සිස්ටස්කොපි (Cystoscopy) පරීක්ෂණය සිදු කරන්නේ ඇයි ?

 
 
 
 
මෙය ඉතා කුඩා කැමරාවක් සහිත බටයක් වැනි උපකරණයක් මගින් සිදුකරන පරීක්ෂණයකි. මෙමගින් මුත්‍රාශයේ ඇතුලත ඇති පටක සමීපව නිරීක්ෂණය කල  හැක. එමෙන්ම මුත්‍ර මාර්ගය සහ ඇතුලත ඇති මුත්‍ර ගෙනෙන නාල විවර ද නිරීක්ෂණය කල හැක. 
 
මෙහිදී සිස්ටස්කොපි (Cystoscopy) පරීක්‍ෂණ වර්ග දෙකක් ඇති අතර නම්‍යශීලි සිස්ටස්කොපි ( flexible cystoscopy) සහ නම්‍යශීලි නොවන සිස්ටස්කොපි (rigid cystoscopy). නම්‍යශීලි සිස්ටස්කොපි (flexible cystoscopy) සඳහා නිර්වින්දනය කිරීමක් (සිහිනැති කිරීමක් ) අවශ්‍ය නොවන අතර නම්‍යශීලි නොවන සිස්ටස්කොපි (rigid cystoscopy) සඳහා නිර්වින්දනය කිරීම අවශ්‍ය වේ. 
 
 

මෙම පරීක්ෂණය සිදු කරන්නේ ඇයි ?

 
මෙමගින් මුත්‍රාශයේ ඇති රෝගී තත්ත්වයන් හදුනාගැනීමට සහ නිරීක්ෂණය කිරීමට පුළුවන. එමගින් ඔබගේ රෝග ලක්ෂණ වලට හේතුව සොයා ගැනීමට පුළුවන. 
පහත රෝග ලක්ෂණ ඇත්නම් මෙම පරීක්ෂණය අවශ්‍ය වීමට පුළුවන 
 
1. මුත්‍ර සමග ලේ යෑම ( වේදනාවක් නැතිව) 
 
2. මුත්‍රා ඉබේ පිටවීම
 
3. මුත්‍ර මර්ගය සිහින් වීම වීම  
 
4. මුත්‍ර ගල් තහවුරු කිරිමට සහ කුඩා ගල් ඉවත් කිරිමට 
 
5. මුත්‍ර මාර්ගයේ ඇති පිළිකා පරික්ෂා කිරීමට සහ ඒවා ඉවත් කිරීමට
 
6. ස්ටෙන්ට් (stent ) ඇතුළු කිරීමට සහ ඇතුළු කරන ලද ස්ටෙන්ට් ඉවත් කිරීමට 
ස්ටෙන්ට් (Stent ) යනු මුත්‍රා මාර්ගයේ අවහිරතා මග හැරීමට ඇතුළු කරන සිහින් නම්‍යශීලි බටයකි. 
 
 
cystoscopy 200
Cystoscopy_procedure
urology-clinic-kandy

මෙම පරීක්ෂණය සඳහා සුදානම් කරන්නේ කෙසේද ? 

 
ප්‍රතිජීවක ලබාගන්න – පරීක්ෂණයෙන් පසු ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කල ප්‍රතිජීවක ලබා ගැනීම කල යුතුයි. මුත්‍රා සාම්පලයක් ලබා ගැනීමට සිදු විය හැකි බැවින් ඒ සඳහා සුදානමින් පරික්ෂණයට ප්‍රථම  මුත්‍ර කිරීමෙන් වැලකි සිටින්න. අවශ්‍ය වුව හොත් නිර්වින්දනය සඳහා සුදානම් වී සිටින්න. එනම් පැය 6 ක් නිරාහාරව සිටීම වැදගත්.
 
ප්‍රථමයෙන් මුත්‍රාශය හිස්කර ගතයුතුයි. ඉන් පසු උඩ අතට වැතිරී සිටිය යුතුයි. ඔබේ දෙපා දණහිසෙන් නමා ආධාරකයකට තබනු ලැබේ.  ඇතැම් විට නිර්වින්දනයක් හෝ නිදිකිරීමක් සිදු කිරීමට අවශ්‍ය වේ. නිදි කර ඇති විට ඔබට සියළු දේ දැනුනත් නිර්වින්දනයේදී එසේ නොදැනේ. කෙසේවෙතත් මේ දෙවිදියේදීම නික්ෂේපන ලබාදේ. 
 
මුත්‍ර මාර්ගය හිරිවැට්ටීමට නිර්වින්දන ජෙලි (anaesthetic gel) යොදන අතර ඉන්පසු සිස්ටෝස්කෝප් උපකරණය ඇතුල් කරයි. මෙහිදී ඉතා කුඩාම උපකරණයක්  මුත්‍ර මාර්ගයට ඇතුල් කරන අතර විශාලත්වයෙන් වැඩි උපකරණ භාවිතා කරන්නේ බයොප්සි (biopsy ) සාම්පල හෝ සැත්කම් උපකරණ ඇතුල් කිරීමට අවශ්‍ය වූ විටයි. එවිට නිර්වින්දනය ලබාදීම අනිවාර්ය වේ. 
 
මෙම පරීක්ෂණය මගින් මුත්‍රාශයේ ඇතුලත විශාල කරන කාච මගින් නිරීක්ෂණය කර නිවැරදි තොරතුරු ලබා ගනී. රුපවාහිනී තිරයක් මතට මෙම රූප වැටෙන අතර ඔබටද මෙය නැරඹිය හැකයි. මුත්‍රාශය විෂබීජ නසන ලද ජලය පුරවා නිරීක්ෂණය කරයි. එනිසා මුත්‍රකිරීමට ඇතිවන අවශ්‍යතාවය වැනි දැනීමක් ඇති වේ. පරීක්ෂණයෙන් පසු මුත්‍රකිරීමට  පුළුවන. 
 
ඇතැම් විට පටක සාම්පලයක් ගෙන අන්වීක්ෂයකින් නිරීක්ෂණය කිරීමට සිදු වියහැක. 
 

 

Flexible Cystoscopy

Flexible Cystoscopy

PCNL

PCNL

Cystoscopy

Cystoscopy

පරීක්ෂණය සඳහා කොපමණ පමණ කාලයක් ගතවේ ද ?

 
විනාඩි 15ක් පමණ 
 

පරීක්ෂණය සිදුකිරීමෙන් පසු රිදෙනවාද ?

පරීක්‍ෂණයෙන් පසු ඇතැම් විට සුළු රුධිර වහනයක් සිදුවිය හැකි අතර උදරයේ වේදනාව නැති කිරීමට වේදනා නාශක මගින් පුළුවන. මුත්‍රා පිටකරන විට දැවිල්ලක් ඇතිවිය හැක. මෙම ලක්ෂණ එතරම් කරදරකාරී  නොවන අතර ක්‍රමයෙන් නැතිවී යයි.
 

 

කෙසේවෙතත් පරීක්ෂණයෙන් පසු පහත ලක්ෂණ තිබේනම් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.

 
 
1. මුත්‍රා යෑම නැවතුනහොත්  
 
2. මුත්‍රා තද රතු ලේ හෝ කැටි සහිතව යන්නේනම් 
 
3. බඩේ රිදුම සමග වමනය ඇතිනම් 
 
4. උණ සමග වෙව්ලීම ඇතිනම් 
 
5. අධික උණ (101.4 F හෝ 38.5 C )
 

 

Scanning

Scanning

Flexible cystoscopy

Flexible cystoscopy

Best Urology Clinic in Sri Lanka

Best Urology Clinic in Sri Lanka

පරීක්ෂණයෙන් පසු පරිස්සම් විය යුත්තේ කෙසේද ?

 
ඔබේ සුපුරුදු වැඩ කරගෙන සිටිය හැක. නිවින්දනය කර පරීක්ෂණය සිදු කළේ නම් පැය හයක් පමණ යනතුරු විවේකීව සිටින්න. ඇතැම් විට සුළු ලේ වහනයක් ඇති විය හැකි අතර මෙය රෝස පාටට මුත්‍ර යෑමක් සේ දිස් වේ. මුත්‍රා දැවිල්ලක් තාවකාලිකව ඇති වීමට පුළුවන. දින 2ක් යන තුරු වැඩිපුර වාර ගණනක් මුත්‍රා කිරීමට සිදුවේ.
 

අපහසුතාවය අඩු කර ගන්නේ කෙසේද ?

 
වැඩිපුර වතුර බොන්න ! එමගින් මුත්‍රාශය සේදීම මගින් අපහසුතාවය අඩුවේ. පරීක්ෂණයෙන් පසු මුල් පැය දෙකේදී සෑම පැයකටම මිලි ලීටර් 400 – 450 පමණ වතුර බොන්න. 
 
පරීක්ෂණ ප්‍රථිඵලය 
පරීක්ෂණය අවසන් වූ වහාම ප්‍රථිඵලය ගැන ඔබේ වෛද්‍යවරයා පැහැදිලි කරනු ඇත. පටක පරීක්ෂණ වාර්තා ලබා ගත්තේනම් එම වාර්ථා පසුව ලැබේ.