Specialist Guide

මුත්‍රා ගල් ඇති වන්නේ ඇයි ?

 

 

මූත්‍රා ගල් ඇති වීම සුලභ රෝගී තත්ත්වයකි. ශල්‍ය වාට්ටුවකට කෙරෙන හදිසි ඇතුලත්වීම් වලින් 30% පමණ ප්‍රමාණයකට වගකිව යුතු වන්නේ මෙම තත්ත්වයයි. එබැවින් ඒ පිළිබඳවදැනුවත් වීම සියලු දෙනාටම පාහේ වැදගත් වනු ඇත.
 
staghorn calculi
drink water

වතුර අඩුවෙන් බොන විට මුත්‍රා ඉතා සාන්ද්‍ර වේ.

 එවිට වකුගඩුවේ සිට මුත්‍රා ගමන් මාර්ගයේ  කුඩා කැටති ඇතිවේ. මෙම කැටති සාමාන්‍යයෙන් මුත්‍රා සමග ගසාගෙන යන අතර විශාල කැටති වකුගඩුවේ ඉතිරිවේ. මෙම කැටති ක්‍රම ක්‍රමයෙන් එකතුවී විශාල ගල් ඇතිවේ. විශාල ගල් මුත්‍රා මාර්ගය අවහිර කරයි.  

මුත්‍රා ගල් වර්ග තිබේද ?

 

මුත්‍රා ගල් එහි සංයුතිය අනුව වර්ග කිහිපයකට බෙදා දක්වන්න පුලුවන්.

 

  1. කැල්සියම් සහිත ගල් (Calcium stones)

 

මේවා කැල්සියම් ඔක්සලේට් කැල්සියම් ෆොස්ෆේට් වැනි රසායනික සංයුතීන්ගෙන් යුතු වේ. මෙම ගල් වර්ගය X-ray පරීක්ෂණයට හසු වනවා. මුත්රා ගල් වලින් 80% ක පමණම සංයුතිය වන්නේ කැල්සියම් ඔක්සලේට්. ඒ නිසා බහුතරයක් ගල් වර්ග මෙම සරල පරීක්ෂණයෙන් හදුනා ගැනීමේ හැකියාව තිබෙනවා.

 

 

 



 
strive stone

Types of stones

4. ආසාදිත ගල් (Struvite stones)

මෙම වර්ගයේ ගල් ඇතිවන්නේ නිතර හැදෙන මුත්‍රා අසාදන වලට නිසියාකාරව ප්‍රතිකාර නොකළ විටයි. මෙහිදී මුත්‍රා මර්ගයේ  ඇතිවන පරිසරය ගල් ඇතිවී ඉක්මනින් වර්ධනය වීමට උපකාරීවේ. මෙවැනි ගල් ඉතා විශාල වන අතර වකුගඩුව විනාශ කිරීමට පවා පුළුවන.

2. යුරික් අම්ල ගල් (Uric acid stones)

 
අධික ලෙස ප්‍රෝටීන් ආහාරයට ගැනීම නිසා, තරබාරු කම, ගවුට් රෝගයේදී(මෙයත් පිෂ්ඨය නොමැතිව ප්‍රෝටීන් පමණක් ආහාරයට ගැනීමෙන් සෑදෙන රෝගයකි)  මෙම ගල් සැදීමට පුළුවන. අධික ආම්ලික මුත්‍රා ඇතිවිට මෙම ගල් සෑදේ. මේවා සාමාන්‍ය X-ray වලට හසු නොවේ.

 

3. සිස්ටීන් ගල් (Cystine stones)

 
1% ක් පමණ සුළු පිරිසකට මෙම ගල් වර්ගය ඇතිවන අතර වකුගඩුවේ ඇති ඇමයිනෝ අම්ල ගමනා ගමන මාර්ගයේ පරම්පරා ගත රෝගී තත්වයක් නිසා මෙම ගල් වර්ගය සෑදේ. මෙම ගල් තරුණ අවධියේදීම ඇතිවන අතර ජීවිත කාලය පුරාම මෙම ගැටළුව පවතී. දිර්ඝකාලින ප්‍රතිකාර ලෙස වැඩිපුර වතුර බිම, ප්‍රෝටීන් ආහාර පාලනය, රෝගය පිළිබඳව දැනුවත් කිරීම යන දේ කළහැකි අතර ඇතැම්විට ඖශධ යොදාගනී.

මූත්‍රා ගල් ඇති වීමට හේතු මොනවාද?

 

 

මූත්‍රා ගල් ඇති වීමට හේතු වන ප්‍රධානම කාරණාව ලෙස ජලය අඩුවෙන් පානය කිරීම දක්වන්න පුලුවන්. ජලය පානය කිරීම මග හැරෙන සහ වැඩි වශයෙන් තාපයටත් ඉර එලියටත් නිරාවරණය වන රැකියාවන් තවත් සුලභ හේතුවක්. බේකරි කර්මාන්තය මේ සදහා හොඳ උදාහරනයක්. රාබු , කැකිරි , පිපිඤා, අනෝදා සහ තේ වැනි ඔක්සලේට් අධික අහාර වර්ග මූත්‍රා මර්ගයේ ගල් ඇති වීමේ ඉඩ වැඩි කරන්වා. අනෙකුත්  හේතු කාරණා ලෙස වකුගඩු වල ව්‍යුහයේ වෙනස්කම්, පවුලේ වෙනත් අයෙකුට මූත්‍රා ගල් තිබීම, බඩවැල් හෝ වකුගඩු ආශ්‍රිතව පවතින වෙනත් රෝගී තත්වයන් හදුනාගන්න පුලුවන්.



 

රෝගය ඇතිදැයි දැන ගන්නේ කෙසේද?

 

මුත්‍රා ගල් ඇතිවිට මුලික අවදියේදී කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවේ. රෝගලක්ෂණ නොමැතිවිට මෙය බොහෝවිට සොයාගන්නේ වෙනත් රෝගයක් හඳුනා ගැනීමට සිදුකරන X-ray පරීක්ෂණ මගිනි.

 

එහෙත් ප්‍රධාන රෝග ලක්ෂණයක් වන්නේ දරාගත නොහැකි බඩේ කැක්කුමයි. මෙම වේදනාව යටිබඩ දිහාවට විහිදී යන සහ විටින් විට එන යන තද වේදනාවකි. ඇතැම් විට වමනය පවා ඇතිවිය හැක.

 

ප්‍රධානම රෝග ලක්ෂණය වේදනාවයි. මුත්‍රා ගමන අඩාල වීම නිසා වකුගඩු තුල ඇතිවන පීඩනයෙන් වකුගඩුවේ ආවරණය ඇදීමකට ලක් වී වේදනාව ඇති කරනවා.
ගල ඇති ස්ථානය අනුව කොන්දේ හෝ යටිබඩේ වේදනාව ඇති විය හැකියි.

 

වෙනත් වේදනාවකින් මෙය වෙන් කර හදුනාගැනීමට පහත ලක්ෂණ උපයෝගී වෙනවා .
  1. ඉතාම අධික වේදනාව
  2. පැය කිහිපයක් පැවතීම
  3. ක්ෂනිකව පටන් ගැනීම
  4. වෙනත් කාර්යකට සම්බන්ධයකින් තොර වීම
  5. වේදනාව ශිෂ්ණය හෝ කෝශ වෙත ගමන් කිරීම
  6. දා දිය දැමීම
  7. වමනය
  8. මුත්‍රා සමග ලේ වහනය වීම

 

මීට අමතරව , විශේෂ රෝග ලක්ෂණ වලින් තොරව, වෙනත් රෝගයකට සිදු කරන X-ray පරීක්ෂණයකදී මුත්‍රා ගල්ද ඇති බව හදුනා ගත හැකියි.

 

ඔබේ වෛද්යවරයා විසින් පරීක්ෂණ කිහිපයක් මගින් රෝග විනිශ්චයකට එලැබෙනු ඇත..
– මුත්‍රා පරීක්ෂණයක් (urine full report)
– X- ray පරීක්ෂණයක්
– Ultrasound පරීක්ෂණයක්
වඩාත්ම නිවැරදිව මෙම තත්වය හදුනා ගැනීමට CT පරීක්ෂණය උපයෝගී කරගත හැක.
 
loin pain